නාරාහේන්පිට පොලිස් රෝහලේ කාමර 06 ක් නවීකරනය පොලිස්පතිතුමා අතින් විවෘත කිරීම
ශ්‍රි ලංකා පොලිසියේ පරික්ෂක ශ්‍රේණියේ නිලධාරින්ගේ සංගමය සමස්ථ රාජ්‍ය සේවයටම ආදර්ශයක් ලබා දෙමින් 2024 වර්ෂයේ දින පොත් මුද්‍රණය කිරීමට ඇස්තමේන්තු කල මුදලින් මිලියන 10ක් යොදවා නාරාහේන්පිට පොලිස් රෝහලේ කාමර 06 ක් වායුසමීකරණය කර අති නවීන පහසුකම් යටතේ නවීකරනය කර අද දින භාරදුන් අවස්ථාව. ශ්‍රි ලංකා පොලිසියේ අභිවෘද්ධිය සදහා ක්‍රියා කරන පරික්ෂක ශ්‍රේණියේ නිලධාරි සංගමයට මාගේ ප්‍රසංශාව පිලිගන්වන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටින ලදි. (2024.04.09)